ලෝකයම කතාවෙන ලංකාවේ මැණික් ගල් දෙක ඩුබායි බබළයි..

 


ශ්‍රී ලංකාවේ තිබු ගිනස් වාර්තාවට හිමිකම් කියු මැණික් ගල් දෙක එහි ශ්‍රී ලාංකික හිමිකරු විසින් ඩුබායි රාජ්‍යය වෙත රැගෙන යාමෙන් පසුව ජාත්‍යන්තරයේ ඉහළ ප්‍රසාදයක් හිමිව ඇත.

එම ගිනස් වාර්තාවට හිමිකම් කියන මැණික් ගල් දෙකෙහි හිමිකරු වන ශ්‍රී ලාංකිකයා මේ වනවිට ඩුබායි රාජ්‍ය තුළ පදිංචිව සිටියි.

ඩුබායි වෙත රැගෙන ගිය මෙම මැණික් ගල් දෙක සම්බන්ධයෙන් එරටදී සිදුකළ පරීක්ෂාවේදී ඩුබායි ඉහළම තත්ව සහතිකය ලබා ගැනීමට සමත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය වාර්තා කර තිබුණේ, එක්සත් ආරාබි එමිර් රාජ්‍යය ⁣මෙම ගිනස් වාර්තා සහිත මැණික් ගල් දෙක ඉතාම ආදරයෙන් වැලදගන්නා බවත් එය එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට ඓතිහාසික බවද සඳහන් කරයි.

මෙම මැණික් ගල් දෙකේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 500කට වැඩි බවට අනුමාන කරයි.

මෙහි හිමිකරු වන ශ්‍රී ලාංකිකයා සඳහන් කළේ, මේ තුලින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහ මැණික් ව්‍යාපාරය⁣ට විශාල දිරිගැන්වීමක් සිදුවන අතර මෙය අලෙවි කිරීමෙන් විශාල ආර්ථික ශක්තියක් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බවයි.

Gemstone Image 1 Gemstone Image 2
Post a Comment (0)
Previous Post Next Post