බවුසරයක් හා ත්‍රී රෝද රථයක් ගැටී කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබයි

 


ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක ත්‍රී රෝද රථයක් ගැටෙයි. ත්‍රී රෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබයි.

කොළොන්නාවේ සිට කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැනන් වත්ත ප්‍රදේශයේදී (05) දින පස්වරු 5:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

බවුසර් රථයට ඉදිරියෙන් තුවාල ලැබූ දරුවාගේ මව විසින් ෂැනන් වත්තේ සිට හැටන් දක්වා ත්‍රී රෝද රථය ධාවනය කරවන අවස්ථාවේ එම දිසාවටම ධාවනය වූ බවුසර් රථය ත්‍රී රෝද රථය ඉස්සර කර යෑමට උත්සහ කිරීමේදී බවුසර් රථයේ පසුපස ටැංකියේ යකඩ කොටසක් ත්‍රී රෝද රථයේ ගැටී ත්‍රී රෝද රථය අනතුරට පත් වී ඇත.

අනතුරින් ත්‍රී රෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, එම බවුසර් රථයේ ඉන්ධන ගොඩ බෑමෙන් පසු බවුසර් රථයේ රියදුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා සැක පිට අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

Accident image 1 Accident image 2 Accident image 3
Post a Comment (0)
Previous Post Next Post