දත් කැක්කුමකට ප්‍රතිකාර ගන්න රෝහලට ආ බිරිඳ නිසලවී යළි නිවසට පැමිණෙයි.. ඇගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි සැමියා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලයි..

 

සාමාන්‍යයෙන් අපිට වැළදෙන රෝගයක ප්‍රතිකාර ගන්න ළඟම තියන රෝහලට යන එක සාමාන්‍ය සිද්ධියක් නේ.

ඒත් දැන් මේ ඇසෙන සිද්ධියත් එක්ක ඒ ගැන මතුවෙන්නේ ප්‍රශ්නයක්.

ඇයට මේ ඉරණම අත්වුණේ රෝහලේදී සිදුකළ ශෛල්‍යකර්මය නිසාද.? යටිතල්ලේ දත් කැක්කුමක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට  සිය සැමියා සමඟ රෝහලට ගිය කාන්තාවකට මෙවන් ඉරණමක් අත්වුණේ කොහොමද? මේ පුවත ඇසෙන්නේ මොනරාගලින්.

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි නමැති 24 හැවිරිදි එක්දරු මව පසුගිය දිනක ප්‍රතිකාර ලැබීම සඳහා එහි ගොස් තිබුණේ සිය සැමියාද සමගයි.

එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ශල්‍යකර්මයක් කළ යුතු බැවින් රෝහලේ හයේ වාට්ටුවට ඇතුළත් වන ලෙසයි. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 08 වෙනිදා දහවල් ඇය හදිසියේම මියගොස් තිබෙනවා. 

තම බිරිඳ කුමන හේතුවක් නිසා මියගියා දැයි දැන ගැනීමට ඇගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න යැයි ඇයගේ සැමියා වන ඊ. කේ. නුවන් ලක්මිණ රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Post a Comment (0)
Previous Post Next Post