ගැහැණු දරුවෙකු වැඩිවිය පත් වීම අපේ සමාජය තුළ වැදගත් අවස්ථාවක්. ස්වභාවිකව ගත් කළ මෙය මවක් වීමට සුදුසුකම් ලැබීමක් ලෙස දැක්විය හැකියි. එය චක්‍රයක් ලෙස දින 21 - 35 ක පරාසයක් තුළ නැවත නැවත සිදු වේ. මෙසේ සිදුවන රුධිර වහනය සාමාන්‍යයෙන් දින 3 - 5ක කාලයක් පවතින අතර ඇතැම් අයට එය දිනක් දක්වා අඩු වීමටන් දින 8 ක් දක්වා වැඩි වීමටත් හැකියාව ඇත. එසේම සිදුවන රුධිර වහනය ද එක් එක් කාන්තාවට අනුව අඩු වැඩි විය හැක. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය ආරම්භ වූ විට ඇති වන වේදනට තමා දෛනික වැඩ කටයුතු වලට අධික ලෙස බාධා වන අයුරින් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ.
ඇතැම් කාන්තාවන්ගේ මෙම ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකි අතරම එයට හේතු ලෙස ගැබ් ගැනීම, මව් කිරි දීම, ආර්තවාභාවය (Menopause), එන්ඩෝමෙට්‍රියෝසිස්, ගර්භාෂය තුළ උපත් පාලන උපකරණ තැන්පත් කිරීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු බර වැඩිවීම, ගැබ් ගෙල පිළිකා, ගර්භාෂගත පිළිකා, මානසික ආතතිය, ගර්භාෂයේ ෆයි බ්‍රොයිඩ් මෙන්ම ලබා ගන්නා ඇතැම් ඖෂධ වර්ගත් දැක්විය හැකිය.
ඔසප් චක්‍රය ආරම්භයේදී ගර්භාෂයේ ඇතුළු ආස්තරයේ පටල බිඳී පිටවන අතරම එය දීප්තිමත් රතු පැහැයේ සිට දුඹුරු පැහැය තෙක් වර්ණ කිහිපයක් අනුව වෙනස් විය හැකිය. එසේ සිදු වන්නේ එම රුධිරය ගර්භාෂය තුළ රැඳී තිබූ කාලය අනුව දීප්තිමත් රතු පැහැ රුධිරය ඔක්සිකරණය වීම නිසයි. සාමාන්‍යයෙන් ඔසප් රුධිරය කලු, තද දුඹුරු පැහැයේ සිට රතු පැහැය අතර වර්ණ පරාසයකින් පැවතිය හැක. ඔසප් සමයේදී අප වඩාත් සැලකිලිමත් විය යුතු ඉතාම වැදගත් කරුණක් වන්නේ අප තෝරාගන්නා සනීපාරක්ෂක තුවාය පිළිබඳවයි. අපේ සෞඛ්‍ය කෙරේ කිසිදු අයුරකින් හානිදායක නොවන සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරා ගැනීමට අප හැම විටම සැලකිලිමත් විය යුත්තේ එක් එක් පැහැයෙන් යුත් සනීපාරක්ෂක තුවා භාවිතය ගැටලු සහගත විය හැකි නිසයි.
සැබවින්ම සුදු පැහැ සනීපාරක්ෂ තුවා තෝරා ගැනීම මගින් කාන්තාවන් ලෙස අපට මුහුණ දීමට සිදුවිය හැකි ගැටලුකාරී තත්ත්ව රැසක් මගහැර ගත හැකිය. ඇතැම් විට යම් කාන්තාවකගේ ඔසප් චක්‍රයේ යම් යම් ගැටලුකාරී තත්ත්ව පැවතිය හැකි අතරම ඇතැම් විට ඒවා හඳුනා ගැනීමටත් සනීපාරක්ෂක තුවායේ පැහැය උදව් වන අවස්ථා ද වේ. අන්න ඒ නිසාම ඔබේ සනීපාරක්ෂක තුවායේ පැහැය සුදු පැහැ වීම වඩාත් උචිතය.
සුදු පැහැ සනීපාරක්ෂක තුවා තෝරා ගැනීම වඩාත් උචිත ඇයි?
සුදු පැහැති සනීපාරක්ෂක තුවා භාවිතය මගින් රුධිර වහනය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැක. එමගින් අධික රුධිර වහනයක් පවතිනවා නම් එය රෝග තත්ත්වයක් ද නැතිද එසේ සිදු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව යම් පෙළඹීමක් ඔබ තුළ ඇති වේ. එවිට ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් කරා යොමු වීමට අවස්ථාව උදාවේ. වර්ණවත් සනීපාරක්ෂක තුවායක් භාවිතයේදී රුධිර වහනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අයුරින් එය නිරීක්ෂණය කිරීම අපහසු වන්නේ එහි පැහැය හා රුධිරයේ පැහැය වෙන්කර හඳුනා ගැනීමට අපහසු නිසාය. එමගින් ඔබට අධික රුධිර වහනයක් ඇති නැතිද යන්න පිළිබඳ නිසි දැනීමක් ලබා ගැනීමට හැක අවධානය පහව යයි.
එසේම සුදු පැහැතුවායක් භාවිතයේදී සනීපාරක්ෂක තුවාය රුධිරයෙන් පිරී ඇත්ද යන්න අඩු ආලෝකයක් ඇති අවස්ථාවක වුවද හොදින් හඳුනා ගත හැකියි. නමුත් වර්ණ ගැන්වූ සනීපාරක්ෂක තුවායක් ඇති විට හදිසි අවස්ථාවක දී හෝ ඉක්මනින් හඳුනා ගැනීම අපහසු විය හැකියි. එවිට සනීපාරක්ෂක තුවාය මාරුකිරීමට අවශ්‍ය අවස්ථාව ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම අපහසු වීම නිසා කාර්යාලයේ හෝ පාසැලේ හෝ යම් යම් අවස්ථා වලදී අපහසුතාවයට පත්විමට ඇති ඉඩ කඩ වැඩිය. සුදු පැහැති සනීපාරක්ෂක තුවා තෝරා ගැනීම මගින් ඔබව මෙසේ අපහසුතාවයට පත්වන අවස්ථා අවමය.
තවද රුධිරය වෙනත් වර්ණයක් සමග මිශ්‍ර වීමෙන් ඇති වන වර්ණය නිසා ඔබ යම් රෝග තත්ත්වයකින් පෙළෙනවාද යන වැරදි අවබෝධයක් ඇති වීම හේතුවෙන් මානසිකව ගැටලුකාරී තත්ත්වයකට පත්වීම හෝ අනවශ්‍ය ලෙස වෛද්‍යවරුන් පසු පස ගොස් ඔබේ කාලය සහ මුදල් නාස්ති විය හැක. නමුත් ඔබ සුදු පැහැ සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ නම් ඔසප් රුධිරයේ නිවැරදි පැහැය ඔබට නිරීක්ෂණය කළ හැකි නිසා අනවශ්‍ය ලෙස කලබලයට පත්වන්නට සිදු නොවේ.
එසේම සුදු පැහැය යනු නැවුම් සහ පිරිසිදු හැඟීමක් දනවන වර්ණක් නිසාම මාසිකව කාන්තාවක් මුහුණ දෙන මෙම ඔසප් චක්‍රයේදී ඇය පත් වන අපහසුතාවයන් වේදනාවන් පිළිබඳව මානසික ඇති වන නොසන්සුන් බව හෝ නුරුස්නා බව අවම කිරීමටත් සුව පහසුව දැනවීමටත් සුදු පැහැති සනීපාරක්ෂක තුවා භාවිතය යම්තාක් දුරකට හේතු විය හැකියි.
ඔබට හෝ ඔබේ දියණියට සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමේදී ඔබ සැලකලිමත් විය යුතු මූලික කරුණක් ලෙස සනීපාරක්ෂක තුවායේ පැහැය දැක්විය හැකිය. ශාරීරක මෙන්ම මානසික සුවතාවය වෙනුවෙන් සැම විටම සුදු පැහැ සනීපාරක්ෂක තුවා තෝරා ගැනීම වඩාත් උචිතය.