තවත් වනඅලියෙක් දුම්රියේ ගැටෙයි.. සංවේදි දර්ශන සහිතයි

 


ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී කෙනෙරක් ගැටී තිබේ.

හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128යි භාග කණුව අසල ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රිය ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටී ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනෙරක් බව වනජීවි නිලධාරියකු සඳහන් කළේය.

දුම්රියේ ගැටුණු වනඅලියාගේ ඉදිරි දකුණු පාදය කැඩී ගොස් ඇති අතර, වනඅලියා දුම්රිය මාර්ගය අසල වැටී සිටින බව එහි ගිය අප වාර්තාකරු පැවසීය.

මෙම ස්ථානයේ විශාල දුරකට මාර්ගය පැහැදිලිව දර්ශනය වන බවත් දුම්රිය රියදුරාගේ අපරික්ෂාකාරී ධාවනය මෙම වනඅලියා ගැටීමට හේතුව බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

වනඅලියාගේ පාදයට ප්‍රතිකාර කිරීමේ කටයුතු අද (04) දහවල් පණ්ඩුල ගම පශු වෛද්‍ය ඒකකය ආරම්භ කරන බව වනජීවි නිලධාරීන් සඳහන් කළේය.

හබරණ හුරුලු පාරිසරික උද්‍යානයේ සිට පුවක්පිටිය ගම්මානයට දුම්රිය මාර්ගය හරහා පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැකපල කරයි.

සිද්ධිය සම්බන්ධව රිටිගල සහ කැකිරාව වනජීවි නිලධාරීන් පරීක්ෂණෂණ පවත්වයි.

Post a Comment (0)
Previous Post Next Post