වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
පොලිසිය පවසන්නේ, අනතුර සිදුව ඇත්තේ ඊයේ දහවල් කාලයේදී අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් බවයි.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර, අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වාලච්චේන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.