2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි පිතිකරු රින්කු සිංහට පාතාල කණ්ඩායමකින් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව මුම්බායි අපරාධ අංශය තහවුරු කර තිබෙනවා.
D-Company ලෙස හැඳින්වෙන, ත්‍රස්ත නායක දාවුඩ් ඊබ්‍රහිම් විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම විසින් මෙම තර්ජනය එල්ල කර ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.
රින්කු සිංගේ ප්‍රවර්ධන කණ්ඩායමට ඔවුන් මේ වසරේ පෙබරවාරි සහ අප්‍රේල් කාලය අතරතුන් වතාවක් කප්පම් ඉල්ලා තර්ජනාත්මක දැනුම් දීම් කර තිබෙනවා.
එහිදී ඉන්දීය රුපියල්කෝටි 5ක්කප්පම් ලෙසඉල්ලා ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන ඇති අතර, මොහොමඩ් දිල්ෂාඩ්සහමොහොමඩ් නවීඩ් යන සැකකරුවන් දෙදෙනෙකුකැරිබියන් දූපත්වලින්අත්අඩංගුවට ගෙන අගෝස්තු 1 වන දින ඉන්දීය බලධාරීන්ට භාර දී තිබුණා.
ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් ඔවුන්ව ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝවලින් අත්අඩංගුවට ගැනීමට උපකාර කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්, මියගිය හිටපු මන්ත්‍රී බාබා සිද්දික්ගේ පුත්සීෂාන් සිද්දික්ගෙන් ද කෝටි 10 ක කප්පමක් ඉල්ලා තිබුණා.
බාබා සිද්දික් ඝාතනය කිරීමෙන් පසු සීෂාන් හට 2025 අප්‍රේල් 19-21 අතර කාලයේදී කප්පම් ඉල්ලා ඇති අතර එහි ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු අඟවමින් තර්ජනාත්මක ඊමේල් ලැබී තිබෙනවා.
රින්කුගෙන් කප්පම් ඉල්ලා ඇමතුමක් ලබා දුන් බවට සැකකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රශ්න කිරීමේදී පිළිගෙන ඇති බවට තවත් වාර්තාවක් මගින්ද අනාවරණය කර තිබුණා.
උත්තර් ප්‍රදේශ්හි අලිගර්හි උපත ලබා හැදී වැඩුණු රින්කු සිංට IPL තරුවක් වීමට පෙර ද ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූවෙක්.
ඔහු, 2023 IPL තරඟයකදී ගුජරාට් ටයිටන්ස් ට එරෙහිව අවසන් පන්දුවාරයේදී හයේ පහර පහක් එල්ල කිරීමෙන් පසු ප්‍රසිද්ධියට පත් වුණා.
ඔහු 2024 දී ඉන්දීය ජාතික කණ්ඩායමට පිවිසි අතර, මෑතකදී නිමා වූ ආසියානු කුසලාන තරඟාවලියට ද සහභාගී වුණා.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදීපාකිස්තානයට එරෙහිවසිය පළමු තරඟයට ක්‍රීඩා කළ ඔහු, ජයග්‍රාහී ලකුණු ලබාගෙනඉන්දියාවට නවවන වරටත් ශූරතාව හිමි කර ගැනීමට සහය දැක්වූවා.
ඔහු T20I තරඟ 54 කදී ලකුණු 550 ක් ලබා ඇති අතර, ඔහුගේ ප්‍රහාරක වේගය 161.77 ක් සහ සාමාන්‍යය 42.31 ක්.
ඔහු තෙවරක් ශූරතා දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම වෙනුවෙන් IPL තරඟ 58 කදී ලකුණු 1099 ක් රැස් කර ඇති අතර, 2024 IPL ශූරතා කණ්ඩායමේ ද සාමාජිකයෙක්.
මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීප්‍රියා සරෝජ්සමඟ විවාහ ගිවිසගත්රින්කු සිං, ඊළඟට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරඟ පහකින් සමන්විත ඉන්දීය සංචාරයේදී ක්‍රීඩා කිරීමට නියමිතයි.