දුම්රියේ ගැටී තරුණයා දුක්ඛිත මරණයකට

 

කඩුගන්නාව දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටීමෙන් තරුණයකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ඔහු ගැටි ඇති අතර ඔහු සියදිවි හානි කරගත්තා ද එසේත් නොමැති නම් අහම්බෙන් දුම්රියේ ගැටුණාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයාගේ දේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.

Post a Comment (0)
Previous Post Next Post