ට්‍රැක්ටරයක් පෙරළී ගොවියෙක්ට වූ අකරතැබ්බය

 

තම කුඹුරේ සීසාමින් සිට නිවසට යාමට පැමිණි ගොවියකු ට්‍රැක්ටරය පෙරළී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වව්නතිව් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පදිංචි කන්නකිපුරම් දේවාලය පාර පදිංචි මුතුපුල්ලේ කරුණානිධි (51) නමැති ගොවියකු බවද පොලිසිය සඳහන් කළා.

මරණකරු සිය කුඹුර පිහිටා තිබූ වව්නතිව් පාවකොඩිචේන පලංකූඩිමඩු ප්‍රදේශයේදී ඊයේ (20) මෙම අනරතුරට මුහුණ පා තිබුණා.

තම කුඹුරේ වී වගා කටයුතුවලින් පසු ආපසු නිවෙස බලා යාමට මාර්ගයට පැමිණෙද්දි ට්‍රැක්ටරය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

Post a Comment (0)
Previous Post Next Post