පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය කළමනාකරණය කරමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා රජයේ සියලුම පාසල්වලට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ට බදාදා නිවාඩු ලබාදීමට රජය ගත් තීරණයට සමගාමීව මෙම පියවර ගත් බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, හෙට (18) සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම රජයේ සේවකයින්ට මෙම නිවාඩුව හිමිවන බවයි.