සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල්යෑමක්? විශේෂ ප්‍රකාශයක්

  

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ඇතුළු පාසල් සහ විශ්වවිද්‍යාල විභාග පවතින තත්ත්වය හමුවේ යම් දින වකවානු ප්‍රමාණයකින් කල් යාමේ හැකියාවක් පවතින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 16 පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.


සතියට දිනක් එනම් බදාදා  නිවාඩු ලබාදීම හේතුවෙන් විභාගවලට බලපෑමක් එල්ල වේද යන්න පිළිබඳව මාධ්‍යවේදීයෙක් විමසූ අවස්ථාවේදී ඔහු පෙන්වා දුන්නේ, අප්‍රේල් 10 වැනිදා සිට පාසල් නිවාඩුව ආරම්භ වන බැවින් එම කාලය තුළ මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.


කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය නිසා විභාග පැවැත්වෙන දින වකවානු සැලසුම් කළාට වඩා සුළු වශයෙන් පසුවීමට ඉඩ ඇති බවත්, එය වැළැක්විය නොහැකි තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Post a Comment (0)
Previous Post Next Post