සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන ඉඟියක්

  

2025 (2026) වසරේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර තිබේ.


ඒ අනුව, විභාග ප්‍රතිඵල අප්‍රේල් මස 30 වැනිදායින් පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.


පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සහ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන පහත පරිදි වේ:


පිළිතුරු පත්‍ර ඇගයීම (අදියර දෙකක්):

I අදියර: මාර්තු 12 සිට 23 දක්වා.

II අදියර: අප්‍රේල් 01 සිට 10 දක්වා.

ප්‍රායෝගික පරීක්ෂණ: අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ වහාම, ප්‍රතිඵල නිකුත් කරනු ලබන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Post a Comment (0)
Previous Post Next Post