ප්‍රබල භූමිකාවක් - වහාම සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

  

ජපානයේ ගිනිකොනදිග වෙරළ තීරයේ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූචලනයක් සිදුවීමත් සමඟ එරට බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.


ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ ඉවාට් ප්‍රාන්තයට සහ හොක්කයිඩෝහි ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක් පමණ උසැති උදම් රළ පැමිණීමේ අවදානමක් පවතින බවයි.


මෙම තත්ත්වය හමුවේ වෙරළාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස විදෙස් මාධ්‍ය වාර්තා මඟින් දැනුම් දී ඇත.

Post a Comment (0)
Previous Post Next Post