අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

  

ඉදිරියේදී ඇති විය හැකි එල් – නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය සහ ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින්, මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පාසල් තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට සහ පාසල් ප්‍රධානීන්ට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් දැනටමත් නිකුත් කර ඇති බවයි.


මෙම වැඩසටහන පළමු පාසල් වාරය අවසන් වීමට පෙර, එනම් අප්‍රේල් 09 වැනිදා හෝ එදිනට නොහැකි නම් සුදුසු වෙනත් දිනයක පවත්වන ලෙස උපදෙස් දී ඇත.


“සුරකිමු ලංකා” ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම, බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිසරික තිරසරභාවය වර්ධනය කිරීමයි.


සිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම හරහා ඔවුන්ගේ චර්යාවන් වෙනස් කිරීමටත්, එමගින් මෙම පණිවුඩය දෙමාපියන් සහ සමස්ත ප්‍රජාව වෙත ගෙන යාමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Post a Comment (0)
Previous Post Next Post