පොතුවිල් හිදි බස් රථයක් පෙරළී අයෙකු මරුට - 57ක් රෝහලට


පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ, 74 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

තුවාලකරුවන් මේ වන විට කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ.

කැප්පෙටිපොල සිට ආරුගම්බේ දක්වා විනෝද චාරිකාවක ගිය බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

බස් රථය කෝමාරි ප්‍රදේශයේදී පාලම ගැටී පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ.

Post a Comment (0)
Previous Post Next Post