තරමක පොහොසත් පවුලක එකම දියණියක් සිටින අඹු සැමි යුවළක්. සැමියා විශ්‍රාමික රජයේ නිලධාරියෙක්. බිරිඳ ගෘහණියක්.
වයසට වඩා රූමත්ව ඇය දියණියට වඩා මනා රූසපුවකින් යුතු වූවා.
මේ මට ගනුදෙනු කරන පෞද්ගලික බැංකුවක. එහි සිටින කඩවසම් ලිපිකරු මහතෙක් නිතර යන එන ඇය සමග මිතුරු වූවා..
සිතුවේ ඇය රූමත් නිසා අවිවාහක කාන්තාවක විය හැකි බවයි. වයසද නොපෙනෙන නිසා ඔහුගේ සිත බැඳුණා.
මොනව කරන්නද සර්? මම බැඳලනෙ. බඳින වයසේ දුවක් මට ඉන්නව මහත්තයත් පෙන්සන්. අපේ යාලුකම රාජකාරියට විතරක් නියාගමු.
ඇයගේ ඔවදන් පිළිගත් ලිපිකරු මහතා නිහඬ වුණා....
දියණියට ප්‍රදේශයේ පාසලක ගුරු පත්වීමක් ද ලැබුණා. දැන් ඉතින් දුවට වයසත් රැකියාවන් හරි නිසා මව්පියන් කල්පනා කළේ ඇය විවාහ කරදීමට මනමාලයකු සෙවීම සඳහා මඟුල් කපුවන් ද කීප දෙනෙකුටම පැවසූ අතර එක් කපු මහතෙක් වයසට ගැලපෙන රජයේ රැකියාවක් කරන උගත් ලිපිකරු මහතෙකු කතා කළා..
දෙපාර්ශ්වයම යෝජනාවට කැමති වී මනමාලිය බැලීමේ දිනයක්ද නියම වුණා. මනමාලියගේ ගේ දොර පිළිවෙළකට කෑම මේසය ද හොඳට සුදානම් කොට මනමාලිය ද හොඳට හැඩ වැඩ වුණා.
මනමාලියා මවුපියන් සහ සහෝදරයෙකු ද සමග පැමිණියේ කපු මහතා පෙරටු කොට ගෙනයි.
පිරිස වාහනයෙන් බැස නිවෙසට ගොඩවෙන විටම මනමාලයගේ සහ මනමාලියගේ මවගේ ඇස් උඩ ඉන්ද වුණා. දෙදෙනාම ගල් ගැසුණා.
නමාලියගේ හෙප්පුව පිළිගෙන සංග්‍රහය ද භුක්ති විඳ පිරිස ආපසු හැරුණා. "දුවේ උඹට ඔය මඟුල හරියන්නෙ නෑ බං. මම දන්නට ඔය මිනිහා ගැන දික්කසාද වුණ මිනිහෙක්ද කොහෙද? ''
ඇයගේ කීම පිළිගත් පියා සහ දියණිය පළමුව ගෙනා විවාහ මඟුලට සමුදුන්නා.
නමාල මහතා ද තමාට සිදු වූ අකර තැබ්බය බැංකුව පුරා පැතිර ගිය අතර මනමාලිය හඳුනන ලිපිකාරිනියකගේ කනට ද මේ සිද්ධිය වැටුණා.
දිනක මේ ලිපිකාර නෝනා මහමග යන අතර ගුරු මෙනවිය මුණ ගැසුණා. දුක සැප ගමන බිමන ගැන පළමුව කතා කොට මඟුල් හුටපටය විස්තර ඇතිට ලිපිකරු නෝනා පවසන්නට වූයේ ගුරු මෙනවිය විශ්මයට පත් කරවමින්.
නිවෙසට ගිය ගුරු තුමිය මවට දොස් පව්සන්නට වූයේ ගිනිපුපුරු විසිවන අයුරින්. සිද්ධිය ඇසූ පියා ද ඇයට හොඳ හැටි දොස් නැගුවා.
උපුටා ගැනීමක්....