එදා යාලුවෙකුත් ඇවිත් හිටියා

පොලිසියට ආවේ අමුතුම කතාවක් පොලිස් මහත්වරුන්ට අරගෙන. හැබැයි එයා කියපු කතාවේ මුල මැද පොලිසියේ මහත්වරුන්ට තේරුණේ නෑ

අඩුම ගානේ මේ කතාව ඇත්තද බොරුද කියන්න කාටවත් තේරුණේ නෑ......

" සර්.. මගේ හස්බන් මට කරදර කරනවා සර්. වෙන දේකට නෙවෙයි සර්.. එයාට ඕනි ලූ මාව වෙන මිනිහෙක් එක්ක එකට දකින්න. මොන හිරිකිතකමක්ද සර්.. මට බෑ කිව්වට මිනිහට ඕනි මලු. මට බෑ සර් තවත් මේ දුක උහුලන්න. මම බැරිම තැන මේ පොලිසියට ආවේ. සර් එයාට කොහොමත් තියෙන්නෙ අමුතු ආසාවල් බැඳපුදා ඉඳලම මට එක එක නරක වීඩියෝ පෙන්න පෙන්න පොළඹට ගන්නවා. ඒකේ ඉන්න ගෑනු වගේ ඉන්න පුලුවන් ද සර් මට.."

" මම නිළියක් නෙවේනේ. මං හැඟීම් දැනෙන ගැනියෙක්. මේ මිනිහට කොච්චර කිව්වත් අහන්නෙ නෑ අන්තිමට මම අම්මලා ගෙදරත් ගියා මාස දෙකක්ම ආවේ නැතුව හිටියා. මෙයා අම්මට කෝල් කරලා අඬලා ගෙන්න ගත්තේ ආයෙම. ආවට පස්සෙ හැදෙයි කියලා හිතුවේ. නෑ සර් මු හැදෙන් නෑ. මූ හිටියටත් වඩා ජරා සතෙක් වෙලා. එක දවසක් හස්බන්ගේ යාලුවෙක් ගෙදර ඇවිත් හිටියා. හස්බන් මගේ දිහා අමුතු විදිහට බැලුවා. එයාගේ යාලුවන්.. මං දැන ගත්තා මිනිහා එන්න හදන්නෙ මොකටද කියලා.."

" සර්.. මට මළපැන්නා. ඉවසීමේ සීමාවක් තියෙන්න එපැයි ගෑනියෙක්ගේ. මම බෑ කියද්දි මිනිහා මාව ඇදලා අරන් පොළඹව ගන්න හැදුවා. අන්තිමට මම බෙරිහන් දීලා ගෙදරින් පැන ගන්නෙ. අහළ පහළ උනුත් බලාගෙන. සර් මම කොහොමද මගේ ඇඟ පිරිමි දෙන්නෙකුට දෙන්නෙ. ඒකට වෙන ගෑනු ඇති. මගේ මිනිහට පුළුවන්නෙ එහෙම ගැනියෙක්ව හොයාගන්න. ඇයි මාවම.. මොන වරදක් කළාටද?"

" අනේ සර් . මට මගේ මිනිහට විරුද්ධව පැමිණිල්ලක් දාන්න ඕනි. මට උදව් කරන්න සර්. ඒ තිරිසනා ගාවට මාව යවන්න එපා වඳින්නම් සර්..."

උපුටා ගැනීම: හිරු ගොසිප්
Post a Comment (0)
Previous Post Next Post