පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගින්මා බණ්ඩාර කියන්නේ. පුංචි තිරයේ නොමද ආදරේ ලබන ගීත්මා නුදුරේම රිදී තිරයෙනුත් දැක ගන්න ලැබෙනවා.
මේ දවස්වල මොකද වෙන්නේ?
ඉතාම කාර්ය බහුල කාලයක්. ජනප්‍රිය ටෙලි නිර්මාණ තුනක් මේ දවස් වල විකාශය වෙනවා. ඒ වගේම චිත්‍රපට දෙකක ෂූටින් පටන් අරන් තියෙනවා. ඒ දේවල් එක්ක කාලය ගත වෙනවා.
ටෙලි නාට්‍යය ගැන මතක් කරමු
ඉරේෂ් ලොකු බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කරන, මහේෂ් සන්සර මද්දුම ආරච්චි මහතා තිර රචනා කරන 'මා' නාට්‍යය ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වනවා. එහි චමත්කාගේ චරිතය. චමත්කා කියන්නේ චණ්ඩි කෙල්ලෙක්. ඒ එක්කම දෙරණ නාළිකාවේ විකාශය වන සමන් එදිරිමුණි මහතා තිර රචනා කරන සාරංග මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කරන සංගීතේ ටෙලි නාට්‍යයේ හැමදාම ප්‍රේක්ෂක ආදරේ දිනා ගත් අසිනිගේ චරිතයන් මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම මේ දවස් වල හිරු නාළිකාවේ විකාශය වෙනවා දිලුක ප්‍රසාද් අයියාගේ 'හිරු කුමරු ආදරේ ගෙනල්ලා' නාට්‍යය.
රඟන චරිත වලින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතෙට ද?
හැමදාම ටව්ගේ සංගීතේ' ටෙලි නාට්‍යයේ අසිනිගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල ඉතාම ජනප්‍රියයි ' මා' ටෙලි නාට්‍යයේ චමත්කාගේ චරිතය. එය මම මෙතෙක් නොකරපු වෙනස්ම චරිතයක්. ඒ නිසා ඒ චරිතේ වැලඳගෙන තියෙනවා.
ඒ කියන්නේ ගීත්මා හිතන තරම් අහිංසක නැහැ නේද?
සමහර වෙලාවට පිටපත අතට ගත්තම මගෙනුත් යමක් චරිතෙට එකතු වෙනවා කියලා හිතෙනවා. ඇත්තජීවිතේ මට කරන්න බැරි දේවල් මම චමන් කා හරහා කරනවා කියලත් හිතෙනවා.
සිනමාවෙනුත් ළඟදීම ගීත්මා දැක ගන්න ලැබෙනවා නේද?
ඔව්. සාරංග මෙන්ඩිස්ගේ කල්පනා සහ ප්‍රදීප් මහේෂ් ලියනගේගේ මීටරේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙනවා. තව නිර්මාණ කිහිපයක පිටපත් සාකච්ඡා කරමින් පවතිනවා.
ගීත්මා තවත් ලස්සන වෙලා හැඩ වෙලා, මොකක්ද රහස?
එහෙම රහසක් නැහැ. කලින්ට වඩා වැඩවලට කාලය යොමු කළා. රංගනය කියන්නේ මගේ වෘත්තීය. කලින් නම් ටිකක් කම්මැළි වෙලා වැඩි කාලයක් පෞද්ගලික ජීවිතේට දීලා තිබුණා. නමුත් මම දැන් සම්පුර්ණයෙන්ම රංගනයට යොමු වෙලා නිසා චුට්ටක් කෙට්ටු වුණා.
දැන් පෙනුමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මට හැමදාම චරිතවලට කතා කළේ සාමාන්‍ය නිළියකට වඩා ඔයා වෙනස් කියන තැනින්. ඒ නිසා හැමෝම කිවිවේ වෙනස් වෙන්න එපා ඔය විදියටම ඉන්න කියලා. නමුත් මේ වෙද්දී මගේ වෙනස් එක්කම සිනමාවට වැඩි ඇරයුම් ලැබෙනවා.
ඒ කියන්නේ පුංචි තිරයෙන් සිනමාවටම යයි ද?
අනේ නැහැ. මම හැමදාමත් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට ආදරෙයි. මම පටන් ගත්ත තැන එත්‍ය. මේ වෙද්දී ටෙලි නාට්‍යය කක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මට ආදරේ කරනවා. අද වෙන සෙට් එකක. හෙට වෙන සෙට් එකක. යාළුවො ගොඩක් ඉන්නවා මට මේ ක්ෂේත්‍රයේ. ඒ නිසා හැමදාම ටෙලි නාට්‍යය කලාවට ආදරෙයි.
චරිත තෝරා ගනිද්දී සීමාවන් තියෙනවද?
සීමාවන් තියෙනවා. මොකද මගේ පෞද්ගලික ජීවිතේ පවතින්න ඕනේ විදියක් තියෙනවානේ. ඒ නිසා මගේ ප්‍රතිරූපයට හානියක් නොවන චරිත කරන්න තමයි මගේ උත්සාහය. මගේ වත්කම ප්‍රේක්ෂකයා. ඒ නිසා ආදරණීය ප්‍රේක්ෂකයින්ට හානියක් නොවන නිර්මාණ කරන්න මම වග බලා ගන්නවා.
මේ ගමන එන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
හැමදාම ටගේ පුංචි සහ බාප්පා තමයි මගේ හයිය වුණේ. ඒ එක්කම මගේ අම්මා. මල්ලි නම් මේ ටෙද්දී ජිවතුන් අතර නැහැ. ඒ හැමෝගෙම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම මම ආදරෙයි.
රංගන ශිල්පිනියක් වීම ගැන අද මොකද හිතෙන්නේ?
මම රංගන ශිල්පිනියක් වෙන්න හිතන් නෙවෙයි අවුරුදු කුමාරි තරගයට ගියේ. සාමාන්‍යයෙන් මම දෙයක් කරද්දී ලොකුවට කරන්න ආස කළා. ඒ නිසා ගමේ අවුරුදු කුමාරි තරගවලට ගිහින් නැහැ. මම ඉදිරිපත් වුණේ හිරු අවුරුදු කුමාරි තරගයට. ඉන් දෙවන ස්ථානය ලැබුවා. එතකොටත් මගේ හිතේ නිළියක් වෙන්න ඕනේ කියන සිතුවිල්ල තිබ්බේ නැහැ. නමුත් ඒ වෙද්දීත් ඉගෙන ගන්න අතරතුර වෛළඳ දැන්වීම් වල හිටියා. ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. මට රංගනයට එන්න ලැබුණා. ඒ දේ එදා ඉඳන් ආසාවෙන් සතුටින් කරගෙන යනවා.
ආදරේ දකින්නේ කොහොමද
බරපතළම ප්‍රශ්නයක්. මම මුල් වතාවට මේ කියන්නේ දැන් මම පෙම්වතියක් නෙවෙයි. ඉතින් ජීවිතේ සමහර තැන්වලදී බලාපොරොත්තු කඩ වෙනවා. ආදරේ කියන තැන්වලදී අපි රැවටෙනවා. ආදරේ මේ විදියට මට ලැබෙයි කියලා දරුණු විදියට විශ්වාස කරපු අයගෙනුත් ඒ විශ්වාසය බිඳ වැටුණාට පස්සෙත් මම හිනාවෙලා සතුටින් ඉන්නවා. ඒ නිසා මේ වෙලාවේ ආදරේ නෙවෙයි මම කාලය දීලා නියෙන්නේ මගේ කලා නිර්මාණ වලට
සම්මාන ගැන ගීන්මා දකින්නේ කොහොමද?
මේ ලෝකේ හැම දෙයක්ම බිස්නස් එකක් වෙලානේ. ඒ නිසා මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. රංගන ක්ෂේත්‍රය ඇතුළේ සම්මාන උලෙළක් පැවැත්වීම අපිට මොටිවේෂන් එකක්. ඒක මම දකින්නේ සම්පතක්. හැබැයි ඕනෑවට වඩා වාණිජ වෙලා එහි වටිනාකම නැති වේලා ගිහින්. මේ වෙද්දී සාමාන්‍යය ජනතාවන් දන්නවා සම්මානයක් ගන්නේ කොහොමද කියලා. ඒ නිසා මම සම්මාන පස්සෙන් යන්නේ නැහැ. මට තියෙන ලොකුම සම්මානය ප්‍රේක්ෂක ආදරේ.