සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බවටයි පොලිසිය සඳහන් කළේ.
නඩු කටයුත්තක් සඳහා පැමිණි ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනයට ලක්වූයේ පසුගිය පෙබරවාරි මස 19 වනදායි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙරෙටට රැගෙන ඒමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.
එරටදී ඇයට රැකවරණය දුන් බව කියන ද්‍රවිඩ ජාතිකයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසන්නේ.
රටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ කාරියන් 40 දෙනෙකුට පමණ ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අතරට ඉෂාරා සෙව්වන්දි නමැත්තියද සිට් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ අනූව 2025 වසරේ මේ දක්වා රතු නිවේදන නිකුත් කර තිබූ 18 දෙනෙක් මෙරටට ගෙන්වාගෙන තිබෙන බවද සඳහන් කළා.