ඇෆ්ගන් දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදුවන් 7 දෙනෙකු මියගොස් තිබේ.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පවතින තාවකාලික සටන් විරාමය මධ්‍යයේ සිදුවූ මෙම ප්‍රහාරය, පකිස්තානයේ ක්‍රියාත්මක තහ්රීක්-ඊ-තලේබාන් සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද බවද මාධ්‍ය වාර්තා කරයි.
උතුරු වසිරිස්තානයේ පාකිස්තාන හමුදා කඳවුරක් ඉලක්ක කර එල්ලවූ එම ප්‍රහාරයේදී තවත් පාකිස්තාන සොල්දාදුවන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
ත්‍රස්තවාදියෙකු පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් හමුදා කඳවුරක් වෙත ධාවනය කර එහි තාප්පයක ගැටීමට සලස්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව අසල්වැසි රටවල් සමග සබඳතා තර කරගැනීමේ උත්සාහයක නිරත වී සිටී.