බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (15) දහවල් කාලයේ දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.