එක් දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මාර්ගයෙන්ද සිදු කිරීමට සැලසුම් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම එක්දින සේවාව දැනට සිදු කරන්නේ වේරහැර හා හම්බන්තොට කාර්යාල මගින් පමණයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කර තිබුණේ, දිස්ත්‍රික් කාර්යාල 12 ක් පමණක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඩිජිටල් පද්ධතිය සමග සම්බන්ධ කර තිබෙන බවත් සෙසු දිස්ත්‍රික් කාර්යාල 13 මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.