රාගම, බටුවත්ත දුම්රිය හරස් මාර්ගය අසළදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද පස්වරුවේ පෙරළි යාමෙන් ළමුන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, බාල දක්ෂ වැඩසටහනකට සහභාගී වී සපුගස්කන්ද ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
තුවාල කරුවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිට ඇති ළමුන් සංඛ්‍යාව, 16 කි
පොලිසිය පැවසුවේ, බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක්, අනතුරට හේතු වන්නට ඇති බවට සැක පළ කරන බවයි.