Q: ෂෙහානි ගැන වැඩිපුර කතා වෙනවා නේද මේ දිනවල?
මම හිතන්නෙ මගේ සංගීත කටයුතු නිසා වෙන්න ඇති.
Q: ඒ ගැන කියමු?
සංගීතය කියන්නෙ මම කුඩා කාලයේ ඉඳලම ප්‍රගුණ කළ විෂයක්. මගේ තාත්තා කරන්නෙත් සංගීතය. සංගීතඅංශයේ සිටින පරණ කට්ටිය මගේ තාත්තාව දන්නවා. ඒත් මගේ සංගීත පසුබිම ගැන වැඩි දෙනෙක් දන්නෙ නැහැ සාමාන්‍ය පෙළට හැදෑරුවෙන් සංගීතය. එතැනින් එහාට ගීත ගැයීමේ උනන්දුවක් මට තිබුණේ නැහැ. ඒ වගේම මම කවුරුද විය යුත්තේ කියන අදහසක් මට තිබුණෙ නැහැ කලා අංශයට එන්න මට මග විවර වුණේ රංගන ක්ෂේත්‍රයෙන්. ඉතින් ඒ විවර වූ මාර්ගයේ මම ආවා. මට දොරවල් ඇරුණු පැත්තෙන් මම පටන් ගත්තා. මුලින්ම පටන් ගත්තෙ රූපවාහිනී නිවේදිකාවක විදිහට. ටෙලි නාට්‍ය ඉන්ඩස්ට්‍රි එකට ආවේ ඉන් පස්සෙ. ඒ විදිහට කටයුතු කරද්දී නර්තනය ඇතුළු රියැලිටි ෂෝ වලදී දක්ෂතා පෙන්වන්න අවස්ථා ලැබුණා. ඒ විදිහට ආ ගන තමයි මේ. ටී වී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට චැනල් කීපයකත් කටයුතු කළා.
Q: ෂෙහානි වැඩිපුර මේ වන විට කරලා තියෙන්නෙ, ගායනයද? නිවේදනයද? රඟපැමද?
රංගනය.
Q: නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද මේ වන විට?
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇවින් අවුරුදු දාහතරක් විතර වෙනවා. හැබැයි සිය ගණනක රඟපාලා නැහැ. රඟ පෑමේදී තෝරා බේරාගෙන රඟපාන්නෙ. අවුරුද්දකට එකක් වගේ තමයි භාර ගන්නෙ. සාමාන්‍යයෙන් මම වැඩිපුර දායක වෙලා තියෙන්නෙ මෙගා නාට්‍ය වලට.
Q: මේ දිනවල ෂෙහානිගේ රඟපෑම් දැක ගන්න ලැබෙන්නෙ?
මල්වාරේ නාට්‍යයේ චරිතයකට දායක වුණා. ඊට අමතරව තව වැඩ කීපයකට ආරාධනා ලැබී තිබෙනවා. මල්වාරේ දීර්ඝ ටෙලි මාලාවක් නෙවෙයි. කෙනෙක්ගෙන් ආදරය ඉල්ලන කෙනෙක්. ඒත් එයාට ආදරය ලැබෙන්නෙ නැහැ අයිති නැති ආදරයකට අයිතිවාසිකම් කියන කෙනෙක්. ඒ වගේ රංගනයක් තමයි මට කරන්න තිබුණෙ.
Q: ෂෙහානින් ආදරය ඉල්ලන කෙනෙක්ද? ආදරය ඉල්ලා ගෙන යන කෙනෙක්ද?
අපි කොයි කවුරුත් ආදරය ඉල්ලන අය නේද? - දරුවන් හැටියට මව්පියන්ගෙන් ආදරය ඉල්ලනවා, කොහෙන් හරි ඒ විදිහට අපි ආදරය ඉල්ලනටනෙ. හැබැයි ඔබ අහන විදිහෙ ආදරයක් ගැන කතා කරන්න මම කැමති නැහැ. ඒක මම දකින්නෙ පුද්ගලික දෙයක් විදිහටයි.
Q: ෂෙහානිට ආදරය ඕනෑමද? ආදරය නැතුවම බැරි කෙනෙක්ද?
මට විතරක් නෙවෙයි. මේ ලෝකයේ හැමෝටම ආදරය නැතුව බැහැනෙ.
Q: ආදර කීයක් විතර දැනිලා තියෙනවද? අහිමි වෙලා තියෙනවද?
එහෙම ගණන් කරලා නම් නැහැ ආදරය විඳලා තියෙනවා. හිත් කැඩීම් ඇති වෙලත් තියෙනවා. එහෙම තමයි.
Q: ෂෙහානි ආදරයේදී කොහොම කෙනෙක් ද? ආදරණීය චරිතයක් ද?
ඒක මට කියන්න අමාරුයි. කාලයෙන් කාලයට දැනුම් තේරුම් එක්ක ස්වභාවයන් වෙනස් වෙනවනෙ. දැනුම් තේරුම් නැති කාලයේදී කටයුතු කරන විදිහත් එක්ක බොළඳ වෙන්න පුළුවන්. ඒ වගේම දැනුම්වත් වුණාම ඒ ස්වභාවය වෙනස් වෙන්නත් පුළුවන්. අද වන විට මගේ පුර්ණ අවධානය තියෙන්නෙ සංගීත ක්ෂේත්‍රයේ සහ රංගනයේ මම කරන වැඩ එක්කයි.
Q: ෂෙහානි මේ වන විට ගීත කීයක් විතර කරලා තියෙනවද?
ගීත ඇල්බමයක් එක්ක තුනක් විතර කරලා තියෙනවා. වැඩිම ප්‍රතිචාර තියෙන්නෙ ඒවායින් උන්මාදෙන් ගීතයට. ඒක රිලීස් කළේ 2021 දී. ඒකට දැනට වැඩි දෙනෙක් ආස වග පෙනෙනවා. මේ සතියේ අන්තිමට නව අලුත් ගීතයක් රිලීස් කරනවා. ඒ විදිහට හෙමින් හෙමින් එක එක නිර්මාණ කරගෙන යනවා.
Q: ෂෙහානි කොයි වෙලාවේ බැලුවත් ලංකාවේ නැහැ. පිටරට ඉන්නෙ කියලා තමයි කට්ටිය කියන්නේ? විශේෂ හේතුවක් තියෙනවද?
ඒකට හේතුව මම සංගීත ප්‍රසංග වෙනුවෙන් ටුවර්ස් වලට යන එක. ඒ නිසා තමයි දකින්න නැත්තෙ.
Q: ඇයි ෂෙහානිට පිටරටවලදී පැවැත්වෙන ෂෝ වලට ඒ විදිහට ඉල්ලුම වැඩි?
මම හිතන්නෙ ගායනයේදී මගේ ඉදිරිපත් කිරීමේ විලාසය නිසා වෙන්න ඇති. ඒ වෙලාවට අනුව ගැළපෙන ගීතගැයීම තවත් හේතුවක් වෙන්න ඇති. වැඩිපුර ගයන ගීත කීපයකුත් තියෙනවා. අවස්ථාව අනුව තෝරාගෙන ගීතගයන නිසා මිනිස්සු කැමති ඇති. ඒ ප්‍රසංගයේ ස්වභාවය අනුව ගැළපෙන විදිහට ගීත ගයනවාට මිනිස්සු කැමතියි.
Q: මේ අවුරුද්දෙ ටු වස් කීයකට විතර මේ වන විට සහභාගී වුණා ද?
මේ අවුරුද්දෙ ටුවර්ස් නමයකට විතර මේ වනවිට සහභාගී වෙන්න ලැබුණා. ඒ ඔක්කොම යුරෝපයේ රටවල්. ඉදිරියටත් නව ටුවර්ස තියෙනවා.
Q: ඒ ගිය රට වලින් ඉන්න හිතෙන තරමට වැඩි පුරම කැමති මොන රටට ද?
ඉතාලියට හරිම ආසයි.
Q: විශේෂ හේතුවක් තියෙනවද?
හේතුව මම දන්නෙ නැහැ. ඒ රට හරි ලස්සනයි. බලන්න තියෙන දේ බොහෝමයි. මුළු රටම හරියට චිත්‍රයක් වගෙයි. ඒ කලාත්මක පෙනුමට මම හරි ආසයි. ඒ නිසා ඉතාලියට හිත ගියා.
Q: ෂෙහානි වැඩිපුර අහන්නෙ මොනවගේ ගීත ද?
මට වැඩිපුර ඇහෙන්නෙ සහ අහන්නේ ඉංග්‍රීසි ගීත. ඒ වගේම කාලයෙන් කාලයට වැඩියෙන් ආස කරන ගීතවෙනස් වෙනවා. එකම ගීතය කියලා කියන්න බැහැ. මේ දවස් වල මම වැඩි පුරම අහන්නෙ මගේ අලුත් ගීතය. ඒක සැරින් සැරේ අහනවා.
Q: ෂෙහානි ස්වභාවය අනුව මොනවගේ චරිතයක් ද?
මම හිතන්නෙ කාටහරි මාව එක පාරටම නිශ්චය කරන්න බැරි චරිතයක්. මගේ ස්වභාවය එක්ක විනිශ්චය කරන්න අපහසු චරිතයක් කිව්වොත් හරි. මගේ අදහස් ඔක්කොම වෙනස් වෙන්නේ ඒ ඒ කෙනා මට දක්වන ප්‍රතිචාර සහ අදහස් අනුවයි. මම නරක කෙනෙක් නෙවෙයි. හැබැයි මම තැනකට ගියොත්, ඒ තැන සිටින අය දක්වන පිළිගැනීම හෝ ආකල්ප අනුව මට ඒ තැන දැනුණොත් එතැන රැඳෙනවා. නැත්නම් එතැන රැඳෙන්නෙ නැහැ. හැමෝටම වගේ මටත් කේන්ති යන්නෙ ඒ අවස්ථාව අනුවයි. හැබැයි ආදරණීය චරිතයක්. පොඩි ළමයෙක් ටගේ හුරතලේට ඉන්න කෙනෙක් වගේ කිව්වොත් හරි.
Q: ෂෙහානිගේ අලුත් සිංදුව ගැනත් කියමු?
ඒකෙ නම කෝලම්. ක්‍රිෂ් මනෝජ් ඒ ගීතය ගයන්න මාත් එක්ක එකතු වුණා. ඉතින් ඒ ගීතය අහලම බලන්නකො...