මාධවී වන්සලා ඇන්තනී යන අය විසින් සිය ෆේස්බුක් පිටුවේ සිදු කළ පලකිරීමකින් තමාට සිදු කල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලමින් සන්ජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතීඥවරුන් හරහා එන්තරවාසි යවා තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් කරමින්, සන්ජය බණ්ඩාර යනු අමානුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තා කරන (report) කරන ලෙසත් දන්වමින් ඔහුගේ ගිනුමේ ඡායාරූපයක් සහිතව පලකිරීමක් සිදු කර තිබුණා.
එම පදනම් විරහිත, අසත්‍ය, නොමගයවන සුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සන්ජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බව ඔහු එම එන්තර වාසියෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව, ඔහුගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රු මිලියන 100 ක මුදලක් දින 7 ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළහොත් නඩු පවරා එම මුදල නඩු ගාස්තුද සහිතව අයකර ගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා තිබෙනවා.