කෙහෙල්බද්දර පද්මේ සහ පියුමිගේ යාලුකමකුත් මාට්ටු

 

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල් බද්දර පද්දෝ නැමැත්තා සමග පැවැත් වූ සබඳතා පිළිබඳ නිරූපණ ශිල්පිණි පියුම් හංසමාලිගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය පවසයි. ඒ සඳහා කළ දැනුම් දීමට අනුව පියුම් හංසමාලි ඊයේ (21) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

ඇයගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, නවත් නිරූපිකාවන් හා නිලියන් කිහිප දෙනෙකුගෙන්ම කෙහෙල්බද්දර පත් මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

Post a Comment (0)
Previous Post Next Post