කැබිනට් සංශෝධනයක්.. බිමල්ගෙන් වරාය ගලවයි.. කෞෂල්‍යාට, දිනිදුටත් නි. ඇමතිකම්…

 

ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කර ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වෙනස්කම් සිදු කර තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

අනුර කරුණාතිලක මහතා පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර සුසිල් රණසිංහ මහතා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ඉදිරි අයවැයට අනුකූලව ජාතික සංවර්ධන ඉලක්ක වල කාර්යක්ෂමතාවක කඩිනම් කිරීමයි.



Post a Comment (0)
Previous Post Next Post