කිරි සිහිනය වෙනුවෙන් මාස ගණනක් මග බලා සිටි ආදරණීය නිර්මලා, නූපන් බිළිඳිය සමගම නිහඬව සමුගනී..

 

ඇය අනේකවිද දුක්විඳින්නට ඇති, තම දරුවාට සුවපහසු උපතක් ලබාදෙන්න.. 

ඒත් අවසානයේ මේ වගේ අදුරු ඉරණමක් අවසානයේ සියල්ලන්ටම ඒ සත්‍ය භාරගන්න සිදුවෙනවා. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්.

නිර්මලා ඇල්ලේගල, ඇය හරිම ආදරණීය සිහිනයක් වෙනුවෙන් පෙරුම් පිරූ කාන්තාවක්. ඒත් අද ඒ හැම දෙයක්ම කඳුලකින් අවසන් වෙලා.

ජා ඇල , දෑලතුර පදිංචි 33 හැවිරිදි මේ කාන්තාව පසුගිය දිනක සිය දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහල් ගත වුණත් ඇයට ඒ හීනය සැබෑවක් කරගන්නට බැරිවෙනවා.

ඇයට වගේම නිර්මලාගේ කුසයේ සිටි පුංචි බිළිඳියද ජීවිතය හැරදා ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඇයට ආදරය කළ බොහෝ දෙනෙක්ට නම් මේ මරණය තවමත් හීනයක්.





Post a Comment (0)
Previous Post Next Post