ඉෂාරා සෙව්වන්දි තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරයි

 

ගණේමුල්ල සංජීව ඝානයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේ වන විට රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබයි.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල් බද්දර පද්මි හඳුනාගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මා විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

" කොහොම හරි ඌ ලව්වා වැඩේ කරගන්නා " ලෙස තමන්ට පමේ පැවසූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තමන් ඔහු සමග සමීප සබඳතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙය වූ බව ද ඉෂාරා පවසා තිබේ.

කෙහෙල් බද්දර පද්මා සමග පැවැති හිතවත්කම හේතුවෙන් කිසිඳු මුදලක් ඒ සඳහා ලබා නොගත් බව ද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වේ.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබරවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින කෙහෙල් බද්දර පද්මගේ සමීපතමයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා ඇත.

අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස වෙත ගොස් ඇත.

එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ, අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරී වල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

එමෙන්ම එහි රැඳී සිටි ඇය, මැයි 6 වැනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවැති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

ඒ කාලය තුළදී තමන් කිසිඳු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවත් ඇය පවසයි.

මේ අතර ඉෂාරා සෙව්වන්දි ඊයේ දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතැන්ගෙන සිටි මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට ද ඇයට රැගෙන ගොස් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, ඇයට නවාතැන් ලබා දුන් වැලි පැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දොඩංගොඩ නිවසේද නවතැන් ලබා දුන් පුද්ගලයාට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ ඇයට නවාතැන් ලබාදුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් එම කාන්තාව හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ සේවකයාගේ බිරිය බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වාගේ අධික්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.

Dinamina

Post a Comment (0)
Previous Post Next Post