කොත්මලා ඔයේ පාවෙමින් තිබූ හදුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පැවති මළසිරුරක් අද (08) හමු වූ බව ලිදුල පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය පාරේ ලිදුල කොත්මලා ඔය හරහා ඉදිකර ඇති පාලම යට තිබී මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු පාවෙමින් තිබූ මළ සිරුර දැක ඒ බව ලිදුල පොලිසියට දන්වා තිබෙනවා.
නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.