තුන් හැවැරදි පිරිමි දරුවාට තමන්ගේ මව කරපු දේ ගැන ඇසෙන සංවේදි කතාව

බටපොළ කහටපිටිය පොල්ලුන්නාව පදේශයේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කරන ලද තුන් හැවිරිදි පිරීමි දරුවකුගේ සහ ඒ අසලම නිවසේ මිය ගොස් කඹයක එල්ලෙමින් සිටි කාන්තාවකගේ මළ සිරුරු දෙක අද(27) දහවල් සොයා ගත් බව බටපොළ පොලීසිය කියයි.


මෙසේ සොයා ගැනු ලැබූවේ මළ සිරුරු දෙක සොයා ගත් නිවසේ පදිංචි අවුරුදු තුනයි මාස හයක් වයසැති ලකිදු සම්පත් නමැති පිරීමි දරුවාගේ සහ දරුවාගේ මව වන ඉරුනි නෙත්යා දිල්රුක්ෂි නමැත්තියගේ බවද පොලීසිය කියයි.



නිවසේ මිය ගොස් කඹයක එල්ලෙමින් සිටි කාන්තාව සිය දරුවා ඝාතනය කොට ඇය එල්ලී සිය දිවි හානි කරගන්නට ඇතැයි පොලීසිය සැකකරයි.



මිය ගිය කත විදෙස්ගතව මීට මාසයකට උඩදී ලංකාවට පැමිණ ඇති බවත් ඇය විවාහවුවද සැමියාගෙන් නීතයානු නොවන ආකාරයට වෙන්වී ජීවත්වන බවත් පොලීසිය කියයි.



පවුලේ ආරවුලක් මත මේ ඝාතනය සහ සිය දිවි හානි කර ගන්නට ඇති බවට ද පොලීසිය සැකකරයි. බටපොල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා

Post a Comment (0)
Previous Post Next Post