පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩ සටහන යටතේ, සිසුන්ට හිමි වන ප්‍රතිලාභ වැඩි කරමින් නව ගිවිසුමකට පසුගිය දා අත්සන් තබා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම 'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්' ආයතනය සමගයි යාවත්කාලීන කර ඇත්තේ.
නව ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
ඊට අනුව මෙම නව සංශෝධිත ප්‍රතිලාභ 2025 සැප්තැම්බර් 01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා අදාළව ක්‍රියාත්මකයි.
නේවාසික ප්‍රතිකාර (රජයේ හෝ පෞද්ගලික රෝහල්) සඳහා රු 300,000/- ක් හිමි වෙනවා.
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභය ලෙස රු 20,000/- දක්වා වැඩි කර ඇති බව සඳහන්.
අසාධ්‍ය රෝග ප්‍රතිලාභය රු 1,500,000/- සිට හිමි වෙනවා.
හදිසි අනතුරු හේතුවෙන් ඇති වන අකර්මණ්‍යතා සඳහා හිමි වන ප්‍රතිලාභ ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පූර්ණ සදාකාලික අකර්මණ්‍යනා සඳහා රු 200,000/- ක්, සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා රු 150,000/- ක්, තාවකාලික අකර්මණ්‍යතා සඳහා රු 25,000/- සිට රු 100,000/- දක්වා ප්‍රතිලාභ හිමි වෙනවා.