නිවසේ වැසිකිළිය පුපුරා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

 

වැසිකිළි වළක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය පවසනවා.

හබරාදූව, පිලාන ප්‍රදේශයේ නිවසක තිබූ වැසිකිළි වළක් මෙසේ පිපිරී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි පිලාන, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා වැසිකිළි වළට කාබයිඩ් වැනි ද්‍රව්‍යයක් එකතු කර වායුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති බවද වාර්තා වෙනවා.

පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (12) සවස මෙම අනතුර සිදුව ඇති බවයි.

Post a Comment (0)
Previous Post Next Post