මුදල් ආරාවුලකට පිහියෙන් ඇන අයෙක් ඝාතතනය කරලා

 

දික්වැල්ල අළුත් පාර හන්දියේ හෝටලයක් අසලදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පසසනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ  දික්වැල්ල, බතීගම, කුරුදුහේන ලිපිනයේ පදිංචි පත්තිනිගේ රෝහණචන්ද්‍ර නමැති 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු රැකියාව ලෙස කුලී වැඩ කළ අයෙක්.

දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ පදිංචි හැවිරිදි රැකියාව ලෙස කුලියට පොල් කඩන අයෙක් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බව පොලිසිය පැවසුවා.

මරණකරු සහ සැකකරු අතර ඇතිවූ මුදල් ආරවුලක් නිසා බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුකර ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

පපුවට සහ අතට සිදු වූ තුවාල හේතුවෙන් තුවාලකරු  දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දික්වැල්ල පොලිසිය සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි .

Post a Comment (0)
Previous Post Next Post