කොල්ලුපිටිය දෙමහල් ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය ගණිකා නිවසක් වටලා විදේශීය තරුණියන් දෙදෙනෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
තායි ජාතික තරුණියන් හා ලංකාවේ තරුණියක්, කළමනාකරු එමෙන්ම මෙම ජාවාරම මෙහෙයවන යුධ හමුදා හිටපු නිලධාරියෙකුද සැකකරුවෝ අතර වූහ.
මෙරට කාන්තාවක වයස අවුරුදු හතක් වන ඇයගේ දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබූ බවත් පොලිසිය පවසයි.
අදාළ ස්ථානය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් සිදු කරන ලද ආවේක්ෂණ රාජකාරි වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. පොලිස් සැරයන් වරයා උපාය දූතයකු ලෙස වෙස් වලාගෙන පොලිස් කොස්තාපල් 84889 උදය කුමාර සංඥාකරු වශයෙන් යොදවා රුපියල් 10,000ක මුදලක් ද කාන්තාවක් මිලදී ගෙන කාමරයකට පිවිසීමත් සමගම මෙම වැටලීම සිදුකර තිබේ.
එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි 10 ක පමණ දේපළ වලට හිමිකම් කියන තැනැත්තියක බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිළියන්දල ඉදිකළ තෙමහල් නිවසක්ද ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රැකියාවෙන්ම මෙම වත්කම් උපයා ගත් බවට හෙළි වී තිබේ.