මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ඩෙංගු රෝගයේ ඉහළ යාම පෙන්නුම් කරයි.
ඒ අනුව නිවස අවට ප්‍රදේශ පිරිසිදුව තබාගෙන ආරක්ෂා වීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
මෙවන විට ඩෙංගු අවදානම් තත්ත්වය පවතින දිස් ත්‍රික්ක එකොළහක් හඳුනාගෙන ඇති බව එම ඒකකය ප්‍රකාශ කරයි. මේ වසරේ ඩෙංගු ආසාදිතයන් පමණක් 41,324 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව විසි දෙකක් බව අනාවරණය වේ.
ඒ අනුව මේ දක්වා සිදු කළ පරීක්ෂණවලදී ඩෙංගු වෛරස ප්‍රභේද හතරක් හඳුනාගෙන ඇති අතර ලබා ගන්නා ලේ සාම්පල් වලින් සියයට හතළිහක් - පනහක් අතර ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් බවට තහවුරු වී තිබේ.