අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේදී සිය මිත්තනිය ඝාතනය කළ 13 හැවිරිදි ළමයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝානතනය ලක් වූ 68 හැවිරිදි මිත්තනියගේ මළ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 13 හැවිරිදි ළමයා අසල පිහිටි කැළෑබද ප්‍රදේශයක සැගව සිට ඇති බව ද සඳහන් වේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් වෙත පහරදීමක් සිදු කිරීමත් සමග එක් නිලධාරියෙකු විසින් මෙසේ වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් උතුරු කැරොලිනා ප්‍රාන්ත විමර්ශන කාර්යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.