කෝවිලක තෙරපීමකින් 10ක් මරුට

 

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක අද (1) පෙරවරුවේ සිදු වූ තෙරපීමකින් බැතිමතුන් දස දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.


ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාසිබුග්ගා හි වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවිය.


හින්දු බැතිමතුන් පූජා පවත්වන 'ඒගාදසී' දිනය සැමරීම සඳහා බැතිමතුන් දේවමාළිගය වටා රැස්ව සිටියදී මෙම තෙරපීම ඇතිව ඇත.


මෙදින බැතිමතුන් නිරාහාරව සිට විෂ්ණු දෙවියන්ට පූජා පත්වන දිනයක් වේ.


පොලීසිය පවසන්නේ පිරිස පාලනය කිරීමට නොහැකිවීමෙන් දේවාල පරිශ්‍රය අසල තෙරපීම ඇති වූ බවය.


බැතිමතුන් එකවර ඉදිරියට පැමිණීමේ දී කිහිපදෙනෙකු ඉන් ඇදවැටීම මෙම අනතුරට මුල්වී තිබේ.

Post a Comment (0)
Previous Post Next Post