මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දන්න පෙන්නුම් කරයි.
ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළෙහි " කැරට් 22 " රන් පවුමක මිල රු 294,000ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු 296,000ක් ලෙසයි.
මේ අතර ඊයේ (28) දිනයේ දී රු 320,000 ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වන විට රු 318,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.