පද්මගේ කලු සල්ලි සුදු වුන හැටි රටටම හෙලිවෙයි

 

කෙහෙල් බද්දර පද්මේ ගිනි අවි ජාවාරම් සිදුකර තිබෙන බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් හෙළි කර ගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ ඔහුගේ කළු සල්ලි ප්‍රසිද්ධ නිළියන් ඔස්සේ සුදු කර ඇති ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි.

ඉකුත්දා අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පද්ම ගිනි අවි ජාවාරම් කර ඇති බවට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී ඇත.

ඒ මත එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද පිස්තෝලයක් හා ජීව උණ්ඩ 13 ක් සමග අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු කෙහෙල් බද්දර පද්මා සමග සමීප සබඳනාවක් පවත්වා ගෙන ගිය බවට ද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කෙහෙල් බද්දර පස්මේ සමග ඩුබායිහිදී ඡායාරූපයකට පෙනී සිටි ප්‍රසිද්ධ නිළියන් හය දෙනාගෙන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ද සඳහන් කළා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්ම එම නිළියන්ට මුදල් ලබාදී තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

එසේම ඔවුන් පද්මිගේ කළු සල්ලි සුදු කර තිබේ ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

අඳාළ මුදල් එම රංගන ශිල්පිනියන් විසින් විවිධ අයෝජනවලට යොමු කරනු ලැබුවේද යන්න පිළිබඳත් විමර්ශන ක්‍රියාත්මකයි.

Post a Comment (0)
Previous Post Next Post