මේ වන විට තරුණ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස දරු ඵල ප්‍රමාධ වීම හැදින්විය හැකිය. නවීන වෛද්‍ය විද්‍යානුකූල තාක්ෂණයන් සමඟ අද වන විට මේ සඳහා සාර්ථක විසඳුම් රැසක් ලැබෙමින් පවතී.
ඒ අතරතුර තවත් සුඛ පණිවිඩයක් පිළිබද කාසල් රෝහණයෙන් වාර්තා වෙයි. ඒ අනුව කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු ලබා ගත් කාන්තාවන් දස දෙනෙකු ගැබ් ගෙන ඇත.
මේ අනුව මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසීය.
එසේම මෙම ශුක්‍රාණු බැංකුව සඳහා ශුක්‍රාණු ලබාදීමට විවිධ ප්‍රදේශ වලින් දායකයන් විශාල වශයෙන් ඉදිරිපත්ව සිටින බවත් කාසල් රෝහලට පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.