පෙම්වතිය ඝාතනය කර ෆ්‍රිජ් එකේ හංගලා -ඇගේ නමට ණයකුත් අරන් - පෙම්වතා සියල්ල වමාරයි

 

තම පෙම්වතිය තමාට අවමන් කිරීම හේතුවෙන් ඇයව ඝාතනය කර, සිරුර කිචි ශීත කරණයක මාස ගණනාවක් සඟවා තබා, පසුව ඇය ලෙස පෙනී සිටිමින් පවුලේ සාමාජිකයන්ට කෙටි පණිවිඩ යැවූ පුද්ගලයෙකු දකුණු කොරියාවේදී, අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

වයස අවුරුදු 40 ගණන්වල පසුවන, මෙම පෙම්වතා, පසුගිය වසරේ ඔක්තෝබර් 20 වන දින උතුරු ජොල්ලා පළාතේ ගුන්සාන්හි නිවසකදී සිය පෙම්වතිය ගෙල සිරකර මරා දමා තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප්‍රධාන වශයෙන්ම, ඔහු තම කොටස් වෙළඳපොළ ආයෝජන පිළිබඳ ඇගේ උපදෙස් පිළිපැදීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ඇය බැණ වැදීම නිසා මෙම ඝාතනය සිදු කළ බවට නඩු පවරන්නන් පවසනවා.

ඝාතනයෙන් පසු, විත්තිකරු වසරකට ආසන්න කාලයක්, ඇයගේ සිරුර කිචි ශීත කරණයක සඟවා තබා තිබුණා.

මෙම කාලය තුළ, ඔහු ඇයගේ දුරකථනයෙන් පවුලේ සාමාජිකයන් සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් මියගිය තැනැත්තිය ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට තිබෙනවා.

ඊට අමතරව, ඔහු මිය ගිය පෙම්වතියගේ නමින් ඇමරිකානු ඩොලර් 60,562 ක බැංකු ණයක් ලබා ගෙන තිබුණා.

එම මුදල්, එම කාන්තාවට අයත් විලා එකක කුලිය ගෙවීම සඳහා යොදාගෙන ඇති බව වාර්තාවල දැක්වෙනවා.

කිචි යනු ලුණු දමා කල්තබා ඇති එළවළු වලින් සාදන ලද සාම්ප්‍රදායික කොරියානු අතුරු කෑමක්. බොහෝ විට ගෝවා හෝ රාබු, මිරිස් ගම්මිරිස්, සුදුළූණු සහ ඉඟුරු වැනි කුළු බඩු සමඟ මෙය සාදනු ලබනවා. මෙම ආහාරය මේ වනවිට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.


Post a Comment (0)
Previous Post Next Post