ජලය යනු නිරෝගී ජීවිතයකට අත්යවශ්ය සාධකයකි.
අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට පමණක් නොව, බර අඩු කර ගැනීම සඳහා ද ජලය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
බොහෝ අය බර අඩු කර ගැනීමට උත්සාහ කළත්, ඔවුන් ජලය පානය කරන ආකාරය ගැන නිසි අවධානයක් යොමු නො කරයි.
ඔබ ජලය නිවැරදිව පානය කළහොත්, සති දෙකක් වැනි කෙටි කාලයකින් පවා ඔබේ බර අඩුවන බව ඔබට දැක ගත හැකිය
ජලය පානයෙන් බර අඩු වන්නේ ඇයි?
ආහාර රුචිය අඩු කරයි:
කෑමට පෙර වතුර වීදුරුවක් බීමෙන් බඩ පිරෙන අවස්ථාවක් ඇතිවෙනවා, ඒ නිසා ආහාර ප්‍රමාණය අඩු වෙනවා.
පරිවෘත්තීය වේගවත් කරයි:
සීතල වතුර බීමෙන් ශරීරය උණුසුම් කිරීමට අමතර ශක්තියක් වැය කරන නිසා, කැලරි දහනය වේගවත් වෙනවා.
විෂ ඉවත් කරයි:
මුත්‍රා සහ දහදිය මඟින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් ශරීරය පිරිසිදු කරයි.
සීනි සහිත බීමවලට ආදේශයක්:
කෘත්‍රිම සීනි සහිත බීම වෙනුවට වතුර බීමෙන් කැලරි ඉතිරි කර ගන්න පුළුවන්.
නිවැරදිව ජලය පානය කිරීමේ රීතිය
අවදි වූ වහාම මද රස්නය ඇති වතුර වීදුරුවක් බොන්න. මෙය බඩවැල් පද්ධතිය සක්‍රිය කරයි සහ ශරීරය ප්‍රාණවත් කරයි
කෑමට පෙර:
ආහාර වේලකට මිනිත්තු 30කට පෙර වතුර වීදුරුවක් බොන්න. ආහාර රුචිය පාලනය වෙනවා.
ක්‍රමයෙන් බොන්න:
එකවර වැඩියෙන් නොව, දිනය පුරා කුඩා ප්‍රමාණවලින් වතුර බොන්න.
වතුර බොන කොට 99%ක් කරන මේ වැරදි 8 නවතන්න!
1️දැඩි පිපාසය දැනෙන තුරු බලා සිටීම
පිපාසය දැනෙන කොට ඔබ දැනටමත් විජලනය වී ඇති බවයි. නිතරම වතුර බෝතලයක් ළඟ තබා ගන්න
2️⃣ එකවර විශාල ප්‍රමාණයක් බීම
වකුගඩු මත පීඩනයක් ඇතිවෙයි, ශරීරය නිසි ලෙස අවශෝෂණය නො කරයි.
3️⃣ කෑම කන අතරතුර වැඩියෙන් බීම
ආමාශයික යුෂ තනුක වී, ආහාර දිරවීම මන්දගාමී වේ.
4️⃣ උදෑසන සීතල වතුර බීම
හිස් බඩට සීතල වතුර අහිතකරයි. මද රස්නය ඇති වතුර හෝ සාමාන්‍ය උෂ්ණත්වයේ වතුර බොන්න.
5️⃣ ව්‍යායාමයෙන් පසු එකවර බීම
ව්‍යායාමයෙන් පසු ක්‍රමයෙන් වතුර බොන්න.
6️⃣ තේ, කෝපි වතුර ලෙස සැලකීම
ඒවා diuretic හින්දු, ශරීරයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ නො කරයි.
7️⃣ අධික ලෙස වතුර බීම
Overhydration හේතුවෙන් Hyponatremia වැනි තත්ත්ව ඇතිවිය හැක. ඔබේ ශරීරය අහන්න.
8️⃣ ජලය පානය කිරීමට වාඩි නොවී සිටීම
ආයුර්වේදය අනුව, වාඩි වී සෙමින් ජලය බොන එක වඩාත් සුදුසුයි.
අවසානයේ
මෙම නිවැරදි පුරුදු අනුගමනය කිරීමෙන්, සති 2කින් පවා ඔබේ බර අඩු වීම , සමේ පැහැය වැඩි වීම, සහ නිරෝගී බවක් දැනීම අත්විඳිය හැකිය.