අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ උසස් පෙළ විභාගය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ සතියේ දී තීරණයක් ගන්නා බවට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසලා තියෙනවා.
ආපදාවලට ලක්වූ සිසුන්, කාර්ය මණ්ඩලය, නිලධාරීන් මෙන්ම විභාග මධ්‍යස්ථානවල තත්තවයන් සම්බන්ධයෙන් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම කලාප කාර්යාලවලින් අවශ්‍ය දත්ත ලබාගැනීමෙන් අනතුරුව එම දිනය තීරණය කරන බවත් ඇය සඳහන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.