පාසල් ආරම්භක දිනය අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

 

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.


ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහත කියා සිටියේය.


කෙසේ වෙතත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පළාත් මට්ටමින් හෝ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post