පළමුවෙනි වතාවටයි මේ වගේ ව්‍යවසනයකට ඇය මුහුණ දුන්නේ.. දින ගණනකට පසු නිවැසියන් ළඟට ආ දිනක්ෂී ඒ අඳුරු අත්දැකීම ගැන කියයි..

 

ඇයගේ මුහුණුපොතේ ඊයේ පළවුණු මේ සටහන නිසා බොහෝ දෙනෙක් සංවේදී වුණා.

දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ කියන්න යන්නේ ඇය මුහුණ දුන් ඒ සිදුවීම ගැන දිනක්ෂි කී කතාවයි. 
"බොහොම ස්තූතියි මං ගැන හොයලා බලපු හැමෝටම. දවස් තුනක් සිග්නල්, වතුර,කරන්ට් එක නැතුව හිරවෙලා හිටියා අපි.. තාම නුවර පළාතටම සින්ක් බින්දුවක් වත් නෑ. හැම තැනම කරන්ට් එක ගිහින්."

මේ ඊයේ සවස ඇය පළ කළ සටහනක්. කොහොම වුණත් දවස් තුනකට පසු ඇය නැවතත් ඊයේ සිය නිවසට පැමිණිලා. දිනක්ෂි ඒ මොහොතේ තම දියණියව සිපගන්නා සංවේදී දසුනක්ද ඇය මුහුණු පොතට එක්කර තිබුණා.

කොහොම වුණත් දැන් ඇය පරිස්සමෙන් සිටිනාබවත් ඇය ගැන සොයා බැලූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.

Post a Comment (0)
Previous Post Next Post