වයස 40 පැන්න හැමෝම ගන්න ඕන විටමින් වර්ග...

  

විටමින් B12

   ඔබ වයස අවුරුදු 40 කට පත් වූ විට ඔබ නිතරම වාගේ විටමින් B12 ලබාගැනීමට අවශ්‍ය වෙනවා. මේ විටමින් වර්ගය අවශ්‍ය වන්නේ සාමාන්‍ය රුධිර සංසරණයක් පවත්වා ගැනීමට, මොළයේ නිසි ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට, රතු රුධිර සෛල වර්ධනයට, ස්නායු ක්‍රියාකාරිත්වයට හා පටක වල වර්ධනය ඇති කිරීමට ආදියටයි. මෙම විටමින් වර්ගය අඩු වීමෙන් නීරක්තිය, නින්ද නොයාම, බඩවැල් වල ආබාධ ඇතිවීම ආදිය සිදුවෙනවා.

   කුඩා දරුවන් සහ තරුණ වියේ වැඩිහිටි පුද්ගලයන් තමන් ආහාරයට ගනු ලබන ආහාර හරහා ලබාගන්නා විටමින් B12 ප්‍රමාණය ශරීරයට ප්‍රමාණවත් වෙනවා.

   ඔබත් වයස අවුරුදු 40 ඉක්ම වූ පුද්ගලයෙක් නම් වයස අවුරුදු 50 ට ළඟාවන්නට ප්‍රථමයෙන් විටමින් B12 අතිරේකව ලබාගැනීම ආරම්භ කිරීම 

අවශ්‍ය වෙනවා. මෙම විටමින් B12 ලබාගැනීමේ මාත්‍රාව වන්නේ දිනකට මිලිග්‍රෑම් 2.4 කි. නමුත් ඔබ මෙම විටමින් වර්ගය වැඩි වශයෙන් ලබාගත්තත් කිසිවිටෙකත් බියවිය යුතු නැහැ. ඒ විටමින් B12 ජලය සමඟ දියවන නිසා ඔබේ ශරීරයට අනවශ්‍ය විටමින් ප්‍රමාණයක් ඇත්නම් එය මුත්‍රා සමඟ පිටවී යන නිසයි.

             

විටමින් B12 අඩංගු ආහාර...

   කුකුල් මස්, මාළු, කිරි ආහාර, කිරි, මුදවාපු කිරි, සැමන්, කොට්ටං, නිවිති, බඩ ඉරිඟු, කොල්ලු, පෙඟුණු ධාන්‍ය


විටමින් D

   විටමින් D නිසි පරිදි ලබාගැනීමෙන් අස්ථි දුබල වීම, අස්ථි වේදනාව, මස්පිඬු වේදනාව ආදිය ඇතිවීම වළක්වාගත හැකියි. එමෙන්ම මෙම විටමින් D අස්ථි වර්ධනයට, අස්ථි වර්ධනයට බෙහෙවින් උපකාර කරනවා.


විටමින් D ලබාගත හැකි ආහාර...

බටර්, බිත්තර, උදෑසන හිරුඑළිය, මාළු, ධාන්‍ය


මැග්නීසියම් 

   මැග්නීසියම් මඟින් සිදුවන ප්‍රධානතම කාර්‍යය වන්නේ රුධිර පීඩනය නියාමනය යි. මැග්නීසියම් ඌණතාව හදවත් රෝග, දියවැඩියාව සහ ශරීරයේ විවිධ ස්ථාන වල දැවිල්ල හටගැනීම වැනි තත්වයන් ඇති වන්නට මුල් වෙනවා. ඒ වගේම මැග්නීසියම් මඟින් ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමත් වේගවත් කරනවා.

   අධික ලෙස මැග්නීසියම් ශරීරගත වීම මඟින් දරුණු සෞඛ්‍ය ගැටළු ඇති නොවුනත් මස්පිඬු පෙරළීම, ඔක්කාරය සහ පාචනය වැනි රෝග තත්වයන් හටගන්නට පුළුවන්.

මැග්නීසියම් අඩංගු ආහාර...

   තද කොළ පැහැති පලා වර්ග, බෝංචි, සෝයා, ඇට වර්ග, අලිගැටපේර 


පොටෑසියම් 

   පොටෑසියම් ලේ කැටි ගැසීමට බෙහෙවින් උපකාර වන විටමිනයක් . මෙම පොටෑසියම් හිඟවීම නිසා ලේ කැටි ගැසීම පමාවීම, අක්මාවට හානි වීම ආදී නොයෙකුත් රෝගාබාධ  හටගන්නවා. කෙසේ වුවත් පොටෑසියම් අධික ලෙස ලබා ගැනීම මඟින් බඩවැල් තුළ ගැටළු ඇතිවීමේත්, හදවත් රෝග ඇතිවීමේත් අවදානම වැඩිවෙනවා. පොටෑසියම් ඔබේ ශරීරය තුළ අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතු නිසාම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පොටෑසියම් ලබාගන්න.

   ශරීරයට අවශ්‍ය විටමින් සහ පෝෂණ ගුණයන් ඖෂධ මඟින් ලබාගන්නවාට වඩා සමබල ආහාර වේලකින් මේ සියල්ල ලබා ගැනීම වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙනවා.    


පොටෑසියම් බහුල ආහාර...

   කෙසෙල්, බතල, බෝංචි, රතු අල පත්‍ර, මයිසූර් පරිප්පු, නිවිති, පලා, මල්ගෝවා 


ඔමෙගා 3

   ඔමෙගා 3 නම් විටමින් වර්ගයක් නොවෙයි. මෙය මේද අම්ලයක්. වයස්ගත වීමේදී ඇතිවන හදවත් ගැටළු සහ ධාරණ ශක්තිය නැතිවීම වැනි ගැටළු ඇතිවීම පාලනය කරන්නට මෙම ඔමෙගා 3 මේද අම්ලය සමත් වෙනවා. ඔමෙගා 3 මේද අම්ලය මඟින් අධි රුධිර පීඩනයත් අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටමත් පාලනය කර හදවත් රෝග වලින් ආරක්ෂා කර දෙන බව අධ්‍යනයන් මඟින් තහවුරු කරගෙන තිබෙනවා.


ඔමෙගා 3 මේද අම්ල බහුල ආහාර...

   මාළු, වොල්නට්ස්, හණ ඇට, කොළ පැහැති පලා වර්ග, බිත්තර 


කැල්සියම් 

   ශරීරයට අවශ්‍ය වන තවත් එක් මූලද්‍රව්‍යයක් තමයි කැල්සියම් කියන්නේ. විවිධ අධ්‍යයන 59 ක් මඟින් නිකුත් කර ඇති වාර්තාවලට අනුව වයස 50 ඉක්ම වූ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් ආහාර මඟින් හෝ අතිරේක විටමින් වර්ග මඟින් කැල්සියම් ශරීරයට ලබා ගැනීම අතිශය වැදගත්ය යන්න වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා. 

   වයස අවුරුදු 40 පමණ වෙද්දී නිසි කැල්සියම් ප්‍රමාණය ශරීරයට ලබාගෙන තිබීම අවශ්‍ය වුවත් වයස අවුරුදු 40 ට වඩා වයස පුද්ගලයෙක් තමාගේ අභිමතය පරිදි කැල්සියම් විශාල ප්‍රමාණයක් ශරීරයට ලබා ගැනීම මඟින් හෘද සෞඛ්‍යයට හානි සිදුවෙන්න පුළුවන්.


කැල්සියම් බහුල ආහාර...

   කිරි හා කිරි නිෂ්පාදිත, කටු සහිත කුඩා මාළු වර්ග, කොළ එලවළු වර්ග, සෝයා, පලා වර්ග, කුරක්කන්, තල, බිත්තර, පළතුරු ( නෙල්ලි, දිවුල්, රටඉඳි, අලිපේර වැනි )


ප්‍රෝබයෝටික්

   ප්‍රෝබයෝටික් යනු විටමින් වර්ගයක් වත් ඛණිජ වර්ගයක්වත් නොවේ. එය බැක්ටීරියාවකි. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 40 සහ ඊට ඉක්මවූ කාන්තාවන්ට අවශ්‍යය.

   ප්‍රෝබයෝටික් මඟින් බඩවැල් සෞඛ්‍ය සම්පන්න කිරීමත්, ශරීරයේ බර අඩු කර දීමට උපකාර කිරීමත්, හදවත් රෝග ඇතිවීමේ ඇති වීමේ අවදානම අඩු කිරීමත්, ඉන්සියුලින් මට්ටම වැඩි කර දියවැඩියා රෝගය පාලනය කිරීමටත් වගේම ආඝාතය වැනි රෝග තත්ත්වයන් ඇති වීමත් වළක්වනවා. 


ප්‍රෝබයෝටික් අඩංගු ආහාර...

   කිරි, යෝගට්, සෝයා නිෂ්පාදන


අවවාදයයි 

   ඔබ යම්කිසි ආකාරයක ඖෂධයක් ලබාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මතක තබාගන්න.


උපුටාගැනීම මුහුණු පොත ඇසුරිනි

Post a Comment (0)
Previous Post Next Post