11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැටෙන තහනම මෙන්න..

  

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්, දෙමාපියන් සහ උපකාරක පන්ති මෙහෙයවන්නන් දැනුවත් විය යුතු විශේෂ පුවතක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තියෙනවා.



ඒ අනුව එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක වන පරිදි විශේෂ තහනමක් පනවා ඇත.


ඒ අනුව ප්‍රසිද්ධ විභාග පනත යටතේ නිකුත් කර ඇති නියෝග ප්‍රකාරව පහත සඳහන් කටයුතු කිරීම සපුරා තහනම්.


උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ: විභාග අපේක්ෂකයින් සඳහා පවත්වන සියලුම පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු.


අනුමාන ප්‍රශ්න පත්‍ර: විභාගයට ලැබෙන බව පවසමින් අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම හෝ ළඟ තබා ගැනීම.


ප්‍රචාරක කටයුතු: විභාග ප්‍රශ්න ලබා දෙන බවට පවසමින් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම.


යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඔවුන් පනත යටතේ වරදකරුවන් වන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.


එවැනි නීති විරෝධී ක්‍රියාවක් දුටුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව ඇත.


මෙවර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට නියමිතයි.

Post a Comment (0)
Previous Post Next Post