හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඇය පවසන්නේ මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් තම විභාග කාලසටහන පිළිබඳව ඉතාම සැලකිලිමත් විය යුතු බවයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විවිධ අසත්‍ය කාලසටහන් පිළිබඳව අවධානය යොමු නොකරන ලෙසත්, ඒ වෙනුවට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය,නිල ෆේස්බුක් පිටුව යන විශ්වාසනීය මූලාශ්‍රවල පළ කර ඇති කාලසටහන පමණක් පිළිගන්නා ලෙස ඇය අවධාරණය කරනවා.
විභාගයට සූදානම් වන දරුවන් සහ දෙමාපියන් අන්තිම මොහොතේ අනවශ්‍ය කලබල වීම් වළක්වා ගැනීමට නම්, නිවැරදි කාලසටහන නැවත වරක් පරීක්ෂා කර බැලීම අනිවාර්ය බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.