මේ කියන්න යන්නේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔබට විශේෂ ආරංචියක්.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සිසුන් සඳහා එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ බව මාධ්‍ය වෙත දැනුම්දී තිබුණා.
එසේම, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) එළැඹෙන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.